ව්යවසායකයෙකු (Service Provider) හෝ පාරිභෝගිකයෙකු (Client) ලෙස වේදිකාව සමඟ සම්බන්ධ වන ආකාරය සහ පැතිකඩ (Profile) සාදාගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න.
ඔබ ඇතුළත් කරන ඊමේල් ලිපිනය සහ මුරපදය මතක තබා ගන්න. ඉදිරියේදී ගිණුමට ඇතුළු වීමට (Log In) ඒවා අවශ්ය වේ.
ලියාපදිංචි වූ පසු ඔබව ස්වයංක්රීයව Dashboard එකට යොමු කෙරේ. එහි ඇති පැතිකඩ පෝරමය (Profile Form) පහත පරිදි නිවැරදිව පුරවන්න:
ඔබගේ සේවාවේ හෝ ව්යාපාරයේ නිල නාමය.
ඔබට BR අංකයක් ඇත්නම් එය ලබා දෙන්න (විකල්පයි).
ඔබේ සේවාවට වඩාත්ම ගැලපෙන ප්රධාන කාණ්ඩය සහ උප කාණ්ඩය තෝරන්න.
ඔබ සේවාව සපයන ප්රධාන දිස්ත්රික්කය සහ ආසන්නතම නගරය.
පාරිභෝගිකයින්ට ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්ය නිවැරදි සම්බන්ධතා තොරතුරු.
Tagline එකට ඔබේ සේවාව ගැන කෙටි ආකර්ෂණීය වැකියක්ද, Description එකට ඔබේ සේවාවන් ගැන සම්පූර්ණ විස්තරයක්ද ඇතුළත් කරන්න.
පැතිකඩ ආකර්ෂණීය කිරීමට පින්තූර ඉතා වැදගත් වේ. අපගේ පද්ධතිය විශාල ඡායාරූප ස්වයංක්රීයව සම්පීඩනය (Auto Compress) කර ගබඩා කරයි.
ව්යාපාරයේ ලාංඡනය (Logo) සහ ඔබගේ නිර්මාණ/සේවාවන් පෙන්වන ඡායාරූප (Gallery) Upload බොත්තම මඟින් පහසුවෙන් ඇතුළත් කළ හැක.
ඔබට ව්යාපාරයට ගැලපෙන Cover Photo එකක් නොමැති නම්, පැතිකඩ සැකසීමේදී 'I don't have a Cover Photo. Request a free HD Cover' යන කොටුව (Checkbox) ලකුණු කරන්න. එවිට අපගේ පද්ධතිය (Platform Desk) විසින් ඔබගේ ව්යාපාරික කාණ්ඩයට හරියටම ගැලපෙන උසස් තත්ත්වයේ ඡායාරූපයක් නොමිලේම සපයනු ඇත!